පක්ෂයේ තීරණයට පටහැනිව සේරුවිල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධුරයට ඉදිරිපත්වීම හා උප සභාපති ධූරය භාර ගැනීම,ජාතික ජන බලවේගයේ සභාපති අපේක්ෂකයාට සහාය පළ කිරීම ආදී චෝදනා හයකට සේරවිල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස පත්වූ සර්වජන බලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ජී. දිමුතු ප්‍රියංකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සර්වජන බලය තීරණය කර තිබේ.
පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණය සර්වජන බලය මහ ලේකම් රංජන් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් වට්ස් ඇප් හරහා උප සභාපති දිමුතු ප්‍රියංකර මහතා වෙත ඒවා තිබේ.
රහස් ඡන්දයකට කැමැත්ත ප්‍රකාශ කිරීම ,පක්ෂයේ අනුදැනුමකින් තොරව ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ සභාපති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීම ,ඒ තුළින් පක්ෂයට අප කීර්තියක් ගෙනදීම ආදී කරුණු මුල්කොට ගෙන මෙම සාමාජිකත්වය අත්හිටවු බව මහ ලේකම්වරයා එවා ඇති ලිපියේ දැක්වේ.අදාල චෝදනාවලට දින තුනක් ඇතුළත කරුණු දක්වන ලෙසද එම ලිපියේ තවදුරටත් දැක්වේ .
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී උප සභාපති දිමුතු ප්‍රියංකර මහතා පැවසුවේ රහස් ඡන්දයකට හෝ සභාපතිවරයා පත් කිරීමට තමන් කිසිදු සහායක් නොදැක්වූ බව පැවසීය .මංගල සැසිවාරයේදී තමන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂය තමන්ට කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති අතර රහස් ඡන්දයකට හා සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයට තමන් ස්වාධීනවත් කටයුතු කළ බවද ඒ මහතා කීහ.
විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගර්භයෙන් පිටව යද්දී තමන් සමඟ ඉලංගෙයි තමිල් අරුසු කච්චි හා ජන අරගල සන්ධානයේ මන්ත්‍රීවරැ දෙදෙනා පමණක් ඉතුරුවූ බවත් අවසානයේදී උප සභාපති ලෙස තමන්ගේ නම යෝජනා වූ පසු දෙවරක් එය ප්‍රතික්ෂේප කරද්දී මුළු සභාවේම බලකිරීම මත තමන් උපසභාපති කළ බවත් එය තමන්ගේ කැමැත්තට සිදුවූ දෙයක් නොවන බවත් කී ඒ මහතා කරුණු දැක්වීම සඳහා දින තුන ප්‍රමාණවත් නොමැති බැවින් දින 14ක කාලයක් ලබා දෙන ලෙස ලියාපදිංචි තැපැැලෙන් පක්ෂයේ මහ ලේකම් වෙත ලිපියක් යැව් බව කීහ .
චමෝද්‍යා අමරජීව